Pages

Sunday, April 25, 2010

බ්ලොග් මැරතන් ඉවරායි

ඕං මැරතන් එකත් ඉවර වුනා.. සමහර අයගේ මැරතන් දිවිල්ල ගැන දැක්කාම පිස්සු හැදෙනවා. පෝස්ට් 100 කටත් කිට්ටුයි. මට නං දාගන්න පුළුවන් වුනේ පෝස්ට් 10 කට ආසන්න ගානක් විතරයිgarupale. මේක ලියන එකයි කමෙන්ට් වලට reply කරන එකයි, ටුවිටරේ ඉන්න එකයි, පාප මිත්‍රයන්ගේ කෝල් වලට answer කරන එකයි සිරාවටම අමාරු වැඩක්. ඉතින් මැරතන් දුවපු අයට සුභ පතනවා. ඒවගේ ම වතුර ගහලා සපෝට් කරපු අයටත් බොහොම ස්තූතියි

කැමරා


කැමරා කිව්වම එක එක කැමරා ජාති තියෙනවනේ. දැන් නං ඉතින් ඔය රීල් දාන කැමරා වෙනුවට ඩිජිටල් කැමරා ආදේශ වෙලා. ඩිජිටල් කැමරාවට නං බැටරි දාන්න විතරයි ඕනේ. ෆොටෝ ගහගෙන ගහගෙන යන්න පුළුවන්. සමහර කැමරා වල නං ඒකටම ආවේනික බැටරියක් තියෙනවා. සමහර කැමරා වල නං AA හෝ AAA බැටරි පාවිච්චි කරනවා. ඔය AA වගේ බැටරි දාන කැමරා වලට බැටරි දාලා පිරිමහන්න බෑ. ඒ නිසා කැමරාවක් ගන්නවා නං ඒක ඇතුලෙම බැටරියක් තියෙන මාදලියක් තෝරලා ගන්න. ඒක භාවිතය පහසුයි කියලා හිතෙනවා (මේක අතිශයිම මගේ පුද්ගලික මතයක් පමණිgarupale)

Flash drive රට වටේ යාම


මේ කලෙදී නං Flash drive නැති එකෙක් හොයා ගන්න අමාරුයි. ඒත් ඔය සමහර එවුන් ගාව නෑ. ඒත් අවුල තියෙන්නේ මේක ඔය ඉහත ආකාරයේ පාප මිත්‍රයෙක් අරගෙන ගියාම අයෙත් අපේ අතට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. දැන් ෆිල්ම් එහෙම හුවමාරු වෙන්නෙත් Flash drive එකේන්නේ. පාප මිත්‍රයා මේකට තව ෆිල්ම් එකක් කාරිය දාලා තව එකෙකුට දෙනවා. ඔහොම ඔහොම රට වටේ ගිහිල්ලා මාසෙකට විතර පස්සේ තමයි අපිට ආයෙත් අපේ Flash drive එක දකින්න වෙන්නේ.

පොඩි නින්ද

කස්ටිය කොහොමද ඉතින්..? සුභ උදෑසනක් කිව්වා. මැරතන් එක නං නැගලා යනවා වගේ. මදෑ මමත් පොඩි ‍නින්දක් දාන්න කියලා ගියා, garupale ඇහැරෙනකොට වෙලාව හරි. එලාම් එක තිබ්බ ෆෝන් කෑල්ලත් කොහෙද දන්නෑ. තාම පෝස්ට් 10 ක් වත් නෑ. ඉතින් නවත්තන්නෙ නැතුව දුවපු අයට සුභ පැතුම්. බලමු තව පෝස්ට් එකක් දෙකක් වත් දාන්න.

My Name is Khan බැලුවෙමි

ෂික් මෙච්චර වෙලා ගිහිල්ලා පෝස්ට් 10 ක් සම්පූර්ණ කරගන්න බැරි වුනානේ. ඔච්චර නං ලියන්න දේවල් කොයින්ද? ඒකෙන් වැඩක් නෑ.., ඊයෙද පෙරේදද කොහෙද මමත් My Name is Khan බැලුවනේ. ඩයලොග් එකට රු 50 ක් දාලා තමයි බෑවේ අපරාදේ කියන්න බෑ එළ කිරි ෆිල්ම් එකක්. 2001 9/11 ප්‍රහාරයත් එක්ක එරට ජීවත් වුනු මුස්ලිම් ජනයා වින්ද කරදර එහෙම තමයි තියෙන්නේ. මට නං ඔය චිත්‍රපටි විචාර කරන්න ‍‍දන්නෙ නෑ නෙවැ. බලපු නැති අය බලන්න. මේනන් ලින්ක් එක

http://j.mp/9lR4Ay
 
Powered by Blogger