Pages

Saturday, April 24, 2010

වැඩි පරිස්සම

3. යාළුවන්ට කොම්පියුටර් අරන්දීම ගැන කලින් කිව්වානේ. ඔය අතරේ මම දැක්ක තව දෙයක් තමා සමහර වුන් ඔය කොමිපියු‍ටර් කෑලි (උදා- ස්පීකර්, කීබෝඩ්) වලට දාලා තියෙන ඉටිකොල එහෙම ගලවන්නේ නෑ. ඒක නං මට පෙන්නන්න බැරි දෙයක් hah. ඉටිකොලේ පැටලි පැටලී කී බෝඩ් එකෙන් කොටනවා. ස්පීකරෙන් එන සද්දෙට ඉටිකොල සර සර ගානකොට මාර ආතල් garupale. තව ඔය LCD මොනිටර් වල එහෙම ගහලා තියෙන කොළ එහෙම ජීවිතේට ගලවන්නේ නෑ. යාන්තං ගැලවුනත් ආයෙත් ටේප් ගහලා අලවනවා. එක දවසක් මම කඩේක දැක්කා අර LCD ස්ක්‍රීන් එක උ‍ඩ ගහලා තයෙන කොළේ වත් ගලවලා නෑ garupale. අකුරු පේන්නෙත් බොඳ වෙලා. අනේ ඇත්තට !!. සල්ලි දීලා ගත්ත එක හරිය‍ට පාවිච්චි කරන්නෙ නැති හැටි. ඒත් මම ඔය ඉටිකොළ ගලවන්න කියලා නං උපදෙස් දෙන්නේ ‍නෑ. සමහර විට මැසිමට ආදරේ වැඩි නිසා වෙන්න ඇති ඉටිකොළ තියාගෙන ඉන්නේ

6 comments:

Jay said...

ආදරේ වැඩි නිසා වෙන්ටැ. හික්..හික්..

Thilina said...

@Ansh Lucky Sri Jay

හ්ම්

ආදර කතාව said...

ආයෙත් විකුණන්න හිතාගන වෙන්නත් බැරි නෑ :P

said...

අළුතෙන් වාහනයක් ගත්තම සීට් කවර දාන්වා ඊට පස්සේ පරිස්සම් කරලා විකුනනකොට ඒ කවර ගලවලා විකුනන්නේ. ඒකත් ටිකක් ඔය වගේ මට නම්.

තීර්ථ යාත්‍රිකයා said...

ආදරේ වැඩි හින්දයි

Thilina said...

@ආදර කතාව

එහෙමත් වෙන්න පුළුවන් :P


@ම

ආ.. වාහන කාරයොත් එහෙමද?


@තීර්ථ යාත්‍රිකයා

:D

Post a Comment

 
Powered by Blogger